වෛද්‍ය සී.පී. ජයසිංහ මහතා | B. A. M. S. (Kelaniya) |
---|---|
+94 (718) 337947 | +94 (342) 222275 |
❏ අප විසින් කළුතර උතුර, කළුතර දකුණ හා කටුකුරුන්ද බෙහෙත් ශාලා පවත්වා ගෙන යමින් කළුතර දිස්ත්‍රික් ජනතාවට අවශ්‍ය ආයුර්වේද වෛද්‍ය පහසුකම් මනා කළමනාකාරිත්වයකින් යුතුව සපයනු ලැබේ.
❏ ඉරිදා දින, ප්‍රසිද්ධ නිවාඩු දින හා පෝය නිවාඩු දින හැර අනෙකුත් සියළුම දිනයන් වල දී නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා වලින් පුරවැසියන්ට අවශ්‍ය පහත සඳහන් සෞඛ්‍ය සේවා ලබා ගත හැකිය.
❏ බෝවන රෝග සහ බෝ නොවන රෝග වළින් පීඩා විඳින රෝගීන් සඳහා ගුණාත්මක නිෂ්පාදිත ඖෂධ යොදා ගනිමින් නොමිලේ ප්‍රතිකාර කරනු ලැබේ.
❏ බෝ නොවන රෝග යටතේ දියවැඩියා රෝගය (මධුමේහය), හෘද රෝග සහ මේදෝ රෝග සඳහා විශේෂ ප්‍රතිකාර සිදු කරනු ලැබේ. බදාදා හා සිකුරාදා දිනයන් හි පංචකර්ම ආශ්‍රිත ප්‍රතිකර්ම ලබා දෙනු ලැබේ.
❏ නීරෝගී පුද්ගලයාගේ නීරෝගිකම ආරක්ෂා කිරීම සඳහාත් (ස්වස්ථ සංරක්ෂණය) රෝගී පුද්ගලයෙකු නීරෝගී පුද්ගලයකු කිරීම සඳහාත් (රෝග ප්‍රගමනය) වැදගත් වන සෞඛ්‍ය පුරුදු (ආහාර පුරුදු, ව්‍යායාම රටාව හා අවබෝධය) ඇති කිරීමට රෝගීන් සඳහා උපදේශන සේවාවන් සිදු කරනු ලබන අතර අවශ්‍ය අවස්ථා වල දී ප්‍රධාන ආයුර්වේද රෝහල් සඳහා රෝගීන් යොමු කිරීමද සිදු කෙරේ. එමෙන්ම අවශ්‍ය අවස්ථාවල දී මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කරනු ලැබේ.
❏ කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජනතාව වෙත මාතෘ සායන, සුවනාරි සායන හා දෙමව්පිය සැසියන් සායන 03 මඟින් වැසියන්ට සෞඛ්‍ය සේවා ලබා දෙනු ලැබේ. මෙම වැඩසටහන් කළුතර නගර සභාවේ පවුල් සෞඛ්‍ය නිලධාරිණියන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබේ.
සායනය | මාතෘ සායනය | සුවනාරි සායනය | මව්පිය සැසිය |
කළුතර දකුණ සායනය | පළමුවන හා තෙවන සිකුරාදා | දෙවන බ්‍රහස්පතින්දා | දෙවන බදාදා |
කළුතර උතුර සායනය | දෙවන හා සිව්වන අඟහරුවාදා | සිව්වන බ්‍රහස්පතින්දා | සිව්වන බ්‍රහස්පතින්දා |
කටුකුරුන්ද සායනය | සිව්වන සඳුදා | සිවිවන අඟහරුවාදා | පළමුවන බ්‍රහස්පතින්දා |