මහජන පුස්තකාලය

දැක්ම: “විශ්ව දැනුමෙන් පරිපූර්ණ වූ සංවේදී සහ සදාචාර සම්පන්න පුරවැසියන් සමාජයට දායාද කිරීම.”

මෙහෙවර: “ආකර්ශණිය පරිසරයක පවත්නා නෛතික විධිවිධාන වලට අනුව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතා කරමින් විශ්ව දැනුමෙන් පරිපූර්ණ සංවේදී සදාචාර සම්පන්න පුරවැසියන් බිහිකිරීම මහජන පුස්තකාල සේවාව ව්‍යාප්ත කිරීම හා යාවත්කාලීනව පවත්වා ගැනීම.”

පුස්තකාල පසුබිම හා ඉතිහාසය

කළුතර බෝ සමිඳුන්ගේ පහස ලබමින් දහසක් ජනතාව වෙසෙන කළුතර පුරවරයේ ළමා, වැඩිහිටි සියල්ලන්ගේ කාලීන වශයෙන් වැදගත් වන අභිලාශ, අපේක්ෂා, තොරතුරු, දැනුම, අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින කළුතර මහජන පුස්තකාලය යුගයේ මිල කළ නොහැකි මෙහෙවරක් ඉටු කරන සුභසාධක ආයතනයකි. කළුතර නගර සභාවමඟින් පාලනය වන මෙම ආයතනය එහි අරමුණු හා මෙහෙවර තම ආයතනයට ගැළපෙන අයුරින් යොදා ගනිමින් වගකීමෙන් යුතු සේවාවක නියුතුව සිටී. එදා ක්ලෙමන්ට් විජයරත්න ශාලාව නමින් මෙම භූමියේ වූ පැරණි ගොඩනැගිල්ලෙහි ආරම්භ කරන ලදැයි සලකන මෙම මහජන පුස්තකාලය පසුව එයින් ඉවත් කර කළුතර බෝධිය පිහිටි භූමියේම වම් කෙළවර බුදු මැදුර තනා ඇති ස්ථානයේ වූ කුඩා කාමරයකට ගෙන ඒමට සිදුව ඇත්තේ ලංකා බැංකු ශාඛාවක් ප්‍රථම වරට කළුතර නගරයේ පිහිටුවීමේ අවශ්‍යතාවය හා ක්ලෙමන්ට් විජයරත්න ශාලාව එදා ඒ සඳහා නිර්දේශ වී තිබිම නිසාය. ඉන් අනතුරුව මෙම පුස්තකාලය නගර සභා ගොඩනැගිල්ලේ දැනට ලේඛනාගාරය පවත්වාගෙන යනු ලබන ස්ථානයටත් , නැවත නගර සභාවට අයත් යුනිසෙෆ් ගොඩනැගිල්ලටත් ගෙන යාම සිදු විය. දිනෙන් දින පුස්තකාල සම්පත් වැඩි දියුණු වීම හේතුවෙන් මනාව සාදන ලද ස්ථිර ගොනැගිල්ලක අවශ්‍යතාවය එකල නාගරික මන්ත්‍රී ධූරය දැරූ චම්ලි ගුණවර්ධන මැතිතුමාට අවබෝධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ගරා වැටෙමින් තිබූ ක්ලෙමන්ට් විජයරත්න ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර පුස්තකාලයට සුදුසු පරිදි නැවත සැලසුම් කරන ලද්දේ නිර්මාණ ශිල්පීන් හා ඉංජිනේරුවරුන් වන එඩ්වඩ් රීඩ් සහ ජෙෆ්රි බාවා යන මහත්වරුන් විසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස 1969.10.19 වන දින එවකට දිසාපති ධූරය දැරූ ලිල් ගුණසේකර මහතා අතින් නව මහජන පුස්තකාල ගොඩනැගිල්ල විවෘත විය.

මහජන පුස්තකාලයේ අංශ

  1. බැහැර දෙන අංශය
  2. පුවත්පත් අංශය
  3. ස්ව අධ්‍යයන අංශය
  4. විමර්ශන අංශය
  5. සඟරා අංශය
  6. පරිගණක අංශය
  7. බ්‍රේල් ග්‍රන්ථ අංශය (දෘශ්‍යාබාධිත අය සඳහා)
  8. ළමා අංශය
  9. පොත් බැදුම් අංශය

ශාඛා පුස්තකාල

  1. කළුතර උතුර ශාඛාව
  2. කලීල් පෙදෙස ශාඛාව

පුස්තකාලයේ විශේෂ එකතු

  1. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ කෘති එකතුව
  2. ගුණදාස අමරසේකර කෘති එකතුව
  3. ජී. ඒ. මාතුපේම කෘති එකතුව
  4. කළුතර තොරතුරු පිළිබඳ කෘති එකතුව
  5. පළාත් පාලනය පිළිබඳ කෘති එකතුව

මහජන පුස්තකාලය මඟින් සිදු කරන මහජන සේවා හෙවත් විස්ථාරණීය සේවා

  1. සාහිත්‍ය උත්සව
  2. පොත් ප්‍රදර්ශන
  3. සාහිත්‍ය තරඟ පැවැත්වීම. (ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.)
  4. ශ්‍රමදාන පැවැත්වීම
  5. රූපලාවන්‍ය වැඩමුළුව
  6. නාට්‍ය වැඩමුළුව
  7. විවිධ ප්‍රසංග (පාඨක සමාජයේ සාමාජිකයින් සඳහා)
  8. නායකත්ව පුහුණු වැඩමුළුව
  9. දේශන
  10. සම්මන්ත්‍රණ
  11. ආගමික වැඩසටහන්
  12. වෙනත් ප්‍රජා සත්කාර
  13. ජංගම පුස්තකාල සේවය
  14. පුවත්පත් ලිපි ගොනු එකතුව

අනෙක්

පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීම සදහා:
  • අයදුම්පත්‍රය රු.5/-ක් ගෙවා ලබා ගැනීම.
  • නගර සභා බල ප්‍රදේශයේ මෙන්ම කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි අයෙකුට සාමාජිකත්වය ලබා ගත හැකිය.
  • පාසැල් සාමාජිකයෙකු නම් විදුහල්පතිතුමා සහතික කර අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම.
  • නගර සභා සීමාවේ වරිපනම් බදු හිමියෙකු ඇප විය යුතුය.
  • පහත සඳහන් ආකාරයට සාමාජික ගාස්තු අය කෙරේ:
  • නගර සීමාවෙන් පිටත පදිංචිකරුවන් සඳහා රු.400/-
  • නගර සීමාවෙන් පිටත පදිංචිකරුවන් සඳහා (අළුත් කිරීම්) රු.200/-
  • නගර සීමාව තුල පදිංචිකරුවන් සඳහා (වැඩිහිටි) රු.200/-
  • නගර සීමාව තුල පදිංචිකරුවන් සඳහා (අළුත් කිරීම්) රු.100/-
  • නගර සීමාව තුල පදිංචිකරුවන් සඳහා (පාසැල් සිසුන්) රු.100/-
  • නගර සීමාව තුල පදිංචිකරුවන් සඳහා (අළුත් කිරීම්) රු.50/-
  • පුස්තකාලය සතු ග්‍රන්ථ එකතුව

    පුස්තකාල පාඨක සමාජය

    🕗 පුස්තකාලය හා ශාඛා පුස්තකාල විවෘතවන දිනයන් හා වේලාවන් 🕗